Thursday, January 5, 2012

දඩුවමකි ජීවිතය

උහ්... උහ්...උහ්...
හීන් කෙදිරියකි මගේ පිටුපසින්......
බසයේ කොයින්ද බලු කුක්කන්
වට පිට බැලුවේ ඒකයි මං.....

ඇස් තදින් ඇර බැලූයේ.....
පළමු වර පියවූ නිසාවෙනි
ඒ අපැහැදිලි ඇස් දෙකෙන් පෙනුනේ
කලු ඉගිරියාවෙන් බාගයකි......
එනමුදු කදුලු කැට රෑරා ගලා බසී....
මුවගින් කෙල බේරෙමින් ඇත

මේ මා හට කරනුයේ ඉල්ලීමක්ද....
ඒ දෙනෙත් යොමු වී තිබුනේ 
මගේ බීම බෝතලය දෙසටය.....
වයස අවුරැදු දෙකක්වත් නැති තරම්ය.....
මෙවන් සිගිති දියනියක් ලද මව් සිත
කෙදිනක නම් සැනසෙම්ද.........

No comments:

Post a Comment