මගේ නම: එච්.එම් සුමුදු මධුමාලි
මගේ වයස අවු:19
ගම:කන්තලේ
පාසල: ත්‍රී/ කන්තලේ මධ්‍ය මහා විද්‍යලය
මම වාණිජ අංශයෙන් අ.පො.ස උ. පෙළ හදාරා ඇත.
දැනට මම infogate ආයතනයේ පරිගණක පාඨමාලාවක් හදාරමින් සිටී.
මගේ බලාපොරොත්තුව ප්‍රවෘති නිවේදිකාවක් ලෙස කටයුතු කිරීමයි.
ඇත්තටම මම මුලින්ම මගේ විස්තර මේ විදිහට කිවුවෙ ඕනම කෙනෙකුට ලේසියෙන් මාව අදුනගන්න. ඒත් ඉතින් මට හිතුන තවත් විස්තර ටිකක් කිවුවොත් හොදයි කියල. මුලින්ම කියන්න ඕනෙ මම ගොඩක් සරල විදිහට ජීවත් වෙන්න කැමති කෙල්ලෙක්. ඒ වගේම මට මහා ගොඩක් බලාපොරොත්තු නෑ.තියෙන එක බලාපොරොත්තුව වුනත් උපරිම සාර්තක කරගන්න කැමතියි. ඇත්තටම මම ගොඩක්ම කැමති නිවෙදිකාවක් වෙන්න. මම හිතනව ඒකට මට යම් හැකියාවක් තියනව කියල.ඒත් අපේ ගමේ ඒ දේවල් වලට තියන ඉඩ ගොඩක් අඩුයි. හැබැයි මගේ මේ බලාපොරොත්තුවට මම කොහොමහරි ලං වෙනවා.
;තව දුරටත් කියනවනම් ඉතින් මම ගොඩක්ම කැමතියි නිස්කලංක පරිසරේක ජීවත් වෙන්න. මං නම් හිතන්නෙ ඕනෙම කෙනෙක්ගෙ හදවත ගොඩක් ලස්සන වෙන්නෙ සොබාදහමත් එක්ක ජීවත් වෙනකොට කියල. ගස් වැල්, සුළග, වැස්ස, ඉර, හද, තරැ, වලාකුළු, කුරැල්ලෝ මේ හැමෝම මගේ නම් යාළුවෝ. එයාලත් එක්ක ජීවත් වෙනකොට හිතට දැනෙන සහැල්ලුව මොනතරම්ද. හරියට පුංචි සුරංගනා ලෝකෙක ජීවත් වෙනව වගේ නේද.සමහරවිට ඔයාල හිතයි මම මහ බොළද කෙල්ලෙක් කියල. ඒත් ඉතින් මේ තමා ඇත්තටම මම. ඇත්තටම මම හිතන්නෙ ජීවිතේ ලස්සන වෙන්න මඑා ලොකු දේවල් ඕනෙ නෑ. ගොඩක් පුංචි දෙයක් ගැන වුනත් ලස්සනට හිතනවනම් මේ මුළු ලෝකෙම සුන්දරයි.දැන්නම් ඉතින් ඇති නේද.එහෙනම් ඔන්න මම නවතිනවා.ජීවිතේ ලස්සනයි හොදේ.